ඉන්න හිතෙන රටෙන් යන්නත් හිතන තරම් ලෙහෙසි නැත.

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික තත්වය නිසාවෙන් සහ ආර්ථික වටපිටාව සමග බොහෝ විද්‍යාර්ථීන් , ශ්‍රමිකයින් විදෙස්ගත වීමට බොහොම වැඩි වශයෙන් නැඹුරුවක් දක්වනවා.
පසුගිය දිනවල බොහෝ දෙනා පෝළිම වල සිට ඉල්ලුම් කර ලබාගත් විදෙස් ගමන් බලපත්‍රයන් සමග හා හා පුරා කියා වීසා අයැදුම් කරන්නන්ට මේ දිනවල මුහුණ දීමට සිදුවන මූලිකම ගැටලුව වන්නේ මුදල් හුවමාරු අගයයි.


ඇමරිකානු ඩොලරයක වාණිජ බැංකු හුවමාරු අඟය රුපියක් 290ක් ලෙස නම් කර තිබුනත් මේ වන විට වෙළඳපල තුල හුවමාරුවන කළු කඩ මිල වන්නේ රුපියල් 300 සිට 400ක් දක්වා වූ විවිධ අඟයන්ටය.ඊයේ දිනය (03/25 ) වන විට රුපියල් 360ක මුදලකට කළුකඩ වෙළඳපලේ තිබූ බවට සහසුද්දයෙන්ම ලියුම්කරුට කීමට නම් හැකිය.


මීට අමතරව මිල අඟයන් සමග සිදුව ඇති අනිත් විප්‍රකාරය වන්නේ විදේශ විශ්ව විද්‍යාලයන් සදහා ගාස්තු ගෙවීමට ඇති නොහැකියාවයි.මුදල් ගෙවීමට මාස කිහිපයක් ලැයිතුවේ රැදී සිටීමටත් සිදුව ඇති අතර මේ දිනවල බොහෝ විශ්ව විද්‍යාලයන් විසින් මුදල් ගෙවීම ප්‍රමාද වීම නිසා බොහෝ වීසා අයැදුම්පත් ප්‍රතික්ෂේප වී ඇති බවද අපට දැනගන්නට ලැබුනි.

May be an image of text that says "Hi just got update from the team. Unfortunately, we could not proceed with your profile Due to certain trade restrictions, export control licensing, economic sanctions, security factors and/or other factors, we unable to hire the citizen from Sri Lankan. Just can proceed with people who hold Permanent Resident (PR visa). Hope you can understand. Write message... ස' ඔබ ලබාදුන් විස්වාසය මෙයයි. සරණාගත ලේබල් එකත් වදියි වගේ ලඟදිම Aussie කොල්ලෝ"
ලංකාවේ ඇති අස්ථාවරභාවය නිසා වීසා අයැදුම් පත ප්‍රතික්ෂේප කල බව දන්වා තිබු පණිවිඩයක්.මුහුනුපොතෙන් උපුටා ගැනුනි


ඉන් පසු ඔබේ බඩු මුට්ටු ඔසවාගෙන යාමට ගමන් මලු ( බැගේජ් ) මිලදී ගැනීමට කොළඹට යාමට සිතා සිටිනවා නම් ඔබට කීමට ඇත්තේ “කොළඹත් අනාත වී” ඇති බව පමණක්මය.


මේ වන විට රෝද තුනක් සමග ඇති කුඩාම බෑගයක මිල පටන් ගන්නේ රුපියල් 6000/= කිනි. ඉන් ඉදිරියට ගත් විට මිල පරාසයන් රුපියල් 12000ක් දක්වා විහිදී යයි.පැන්සල් 12ක පැකට්ටුවක් රුපියල් 340කට වැඩිය.


ඔක්කොම හමාර කොට ඉන්න හිතෙන රටෙන් යන්න හිතන් ගුවන් ටිකට්ටුවක් ගන්නට යන ඔබට “හතර වරම් දෙවිවරු” සිහිවනු නොඅනුමානය.
මේ වන විට සාමාන්‍යයෙන් රුපියල් අසූ දසහසකට පමණ වූ වන් වේ ටිකට් පතක මිල ලක්ශ එකහාමාරකට වඩා මිල ඉහලගොස් ඇත.

ඉතින් හිතවතුනි ගතවන මේ මොහොතේ ඉන්න හිතෙන රටෙන් යන්නත් හිතන තරම් ලෙහෙසි නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?