ඉන්න හිතෙන රටෙන් යන්නත් හිතන තරම් ලෙහෙසි නැත.

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික තත්වය නිසාවෙන් සහ ආර්ථික වටපිටාව සමග බොහෝ විද්‍යාර්ථීන් , ශ්‍රමිකයින් විදෙස්ගත වීමට බොහොම වැඩි වශයෙන් නැඹුරුවක් දක්වනවා.
පසුගිය දිනවල බොහෝ දෙනා පෝළිම වල සිට ඉල්ලුම් කර ලබාගත් විදෙස් ගමන් බලපත්‍රයන් සමග හා හා පුරා කියා වීසා අයැදුම් කරන්නන්ට මේ දිනවල මුහුණ දීමට සිදුවන මූලිකම ගැටලුව වන්නේ මුදල් හුවමාරු අගයයි.


ඇමරිකානු ඩොලරයක වාණිජ බැංකු හුවමාරු අඟය රුපියක් 290ක් ලෙස නම් කර තිබුනත් මේ වන විට වෙළඳපල තුල හුවමාරුවන කළු කඩ මිල වන්නේ රුපියල් 300 සිට 400ක් දක්වා වූ විවිධ අඟයන්ටය.ඊයේ දිනය (03/25 ) වන විට රුපියල් 360ක මුදලකට කළුකඩ වෙළඳපලේ තිබූ බවට සහසුද්දයෙන්ම ලියුම්කරුට කීමට නම් හැකිය.


මීට අමතරව මිල අඟයන් සමග සිදුව ඇති අනිත් විප්‍රකාරය වන්නේ විදේශ විශ්ව විද්‍යාලයන් සදහා ගාස්තු ගෙවීමට ඇති නොහැකියාවයි.මුදල් ගෙවීමට මාස කිහිපයක් ලැයිතුවේ රැදී සිටීමටත් සිදුව ඇති අතර මේ දිනවල බොහෝ විශ්ව විද්‍යාලයන් විසින් මුදල් ගෙවීම ප්‍රමාද වීම නිසා බොහෝ වීසා අයැදුම්පත් ප්‍රතික්ෂේප වී ඇති බවද අපට දැනගන්නට ලැබුනි.

May be an image of text that says "Hi just got update from the team. Unfortunately, we could not proceed with your profile Due to certain trade restrictions, export control licensing, economic sanctions, security factors and/or other factors, we unable to hire the citizen from Sri Lankan. Just can proceed with people who hold Permanent Resident (PR visa). Hope you can understand. Write message... ස' ඔබ ලබාදුන් විස්වාසය මෙයයි. සරණාගත ලේබල් එකත් වදියි වගේ ලඟදිම Aussie කොල්ලෝ"
ලංකාවේ ඇති අස්ථාවරභාවය නිසා වීසා අයැදුම් පත ප්‍රතික්ෂේප කල බව දන්වා තිබු පණිවිඩයක්.මුහුනුපොතෙන් උපුටා ගැනුනි


ඉන් පසු ඔබේ බඩු මුට්ටු ඔසවාගෙන යාමට ගමන් මලු ( බැගේජ් ) මිලදී ගැනීමට කොළඹට යාමට සිතා සිටිනවා නම් ඔබට කීමට ඇත්තේ “කොළඹත් අනාත වී” ඇති බව පමණක්මය.


මේ වන විට රෝද තුනක් සමග ඇති කුඩාම බෑගයක මිල පටන් ගන්නේ රුපියල් 6000/= කිනි. ඉන් ඉදිරියට ගත් විට මිල පරාසයන් රුපියල් 12000ක් දක්වා විහිදී යයි.පැන්සල් 12ක පැකට්ටුවක් රුපියල් 340කට වැඩිය.


ඔක්කොම හමාර කොට ඉන්න හිතෙන රටෙන් යන්න හිතන් ගුවන් ටිකට්ටුවක් ගන්නට යන ඔබට “හතර වරම් දෙවිවරු” සිහිවනු නොඅනුමානය.
මේ වන විට සාමාන්‍යයෙන් රුපියල් අසූ දසහසකට පමණ වූ වන් වේ ටිකට් පතක මිල ලක්ශ එකහාමාරකට වඩා මිල ඉහලගොස් ඇත.

ඉතින් හිතවතුනි ගතවන මේ මොහොතේ ඉන්න හිතෙන රටෙන් යන්නත් හිතන තරම් ලෙහෙසි නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18