තඹුත්තේගම පොලිස් වසමේ රාජාංගනය පාර, 03 කණුව බස්නැවතුම්පල ආසන්නයේ දී පසුගිය 14 වනදා උදෑසන කාලයේ දී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් සැකකටයුතු යතුරුපැදියක් නවතා පරීක්ෂාවට ලක්කිරීමේ දී විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක් හා පතොරොම් 05ක් එම ස්ථානයේ දමා පළාගිය යතුරුපැදිකරු සහ පසුපැදිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිස් ස්ථානය මගින් සිදුකළ විමර්ශනයකක දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
සැකකරුවන් දෙදෙනා ඊයේ (18) පරසන්ගස්වැව හා රාජාංගනය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් අවුරුදු 26 හා 34 යන වයස්වල පසුවන ඉපලෝගම හා රාජාංගනය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
තඹුත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
