spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන ලීටරයකින් බදු හා ලාභය ලෙස රජයට විශාල අදායමක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවිකරන පෙට්‍රල් හා ඩීසල් ඉන්ධනවලින් ලාභ ලබන බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රු. 16.21ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රු. 109.44ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 3.25ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රු. 11.64ක් සංස්ථාව ලාභ ලබයි.

නමුත් සංස්ථාව අලෙවිකරන සෑම භූමිතෙල් ලීටරයකින් රුපියල් 21.49ක අලාභයක් ලබන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.මෙම ලාභ/අලාභ ගණනය කිරීම පසුගිය 18දාට අදාළ වෙයි.

කෙසේ වෙතත් මෙම ලාභ/අලාභවලට අමතරව පෙට්‍රල් හා ඩීසල්වලින් රජය අයකරන බදු හේතුවෙන්ද රජය විශාල ආදායමක් උපයනු ලබයි.

මේ අනුව 92 පෙට්‍රල් ලීටරයකින් රු. 82 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රු. 102.88 ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 59.25ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රු. 87.15ක් ලෙස රජය බදු අයකරනු ලබයි.

මේ අනුව ඉන්ධන ලීටරයකට රජය අයකරන ලාභාංතිකය හා බදු අනුව රජයට විශාල ආදායමක් ලැබෙයි.

ඒ අනුව පිළිවෙළින් 92 පෙට්‍රල් ලීටරයකින් රු. 98.21 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රු. 212.32 ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 62.5ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රු. 98.79ක් ලෙස රජයට ආදායමක් ලැබෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?