තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළි වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලිසැර වැදීමෙන් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව තහවුරු වී තිබෙනවා.

ඔහුගේ දේහය සම්බන්ධයෙන් ඊයේ (17) සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම පෙරේදා අභාවප්‍රාප්ත වූයේ මතුගම – යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ඉඩමක සිටියදී විදුලිසැර වැදීමෙන්.

ජීවිතක්ෂයට පත්වන විට ඔහු 64 හැවිරිදි වියේ පසු වුණා.

කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. එම්. ටී. බී. ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් ඊයේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවා.

එහිදී අනාවරණය වී ඇත්තේ තෙවරප්පෙරුමගේ මරණය විදුලිසැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බවටයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව මෘත දේහය ඊයේ රාත්‍රියේ මතුගම, යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.

දේහය නිවසට රැගෙන එන විටත් දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් ඔහුගේ නිවසට පැමිණ සිටියා.

1960 වසරේදී උපත ලැබූ පාලිත තෙවරප්පෙරුම ශ්‍රී ලාංකේය දේශපාලනයේ කතාබහට ලක්වුණු පෙරළිකාර චරිතයක්.

2002 වසරේදී මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු පසුව බස්නාහිර පළාත් සභාවද නියෝජනය කළා. 2010 වසරේ සිට 2020 වසර දක්වා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහු ස්වදේශ කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා.

ජනතාව අතර සිටි දේශපාලනඥයෙකු ලෙස කාගේත් ගෞරවයට ලක් වූ තෙවරප්පෙරුම ජීවතුන් අතර සිටියදීම සිය සුසානය නිර්මාණය කර තිබීමත් විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16