ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (21) පැවැත්වෙනවා.

කොල්කටා නයිට්‍ රයිඩර්ස් – රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලුරු සහ පංජාබ් කිංග්ස්-ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් මෙහිදී තරගවදිනු ඇති.

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ කොල්කටා නයිට්‍ රයිඩර්ස් කණ්ඩායම තුන්වන ස්ථානයේත්, රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලුරු කණ්ඩායම එහි 10 වන ස්ථානයේත් පසුවනවා.

පංජාබ් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 9 වන ස්ථානයේ පසුවන අතර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම එහි 8 වන ස්ථානයේ පසුවනවා.