ඉන්දීය ධීවරයින්ට පහර දුන් බවට මෙරට ධීවරයින්ට චෝදනා

තමිල්නාඩු වෙරළට නාවික සැතපුම් 20ක් පමණ දුරින් ධීවර කටයුතුවල නියෙලෙමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසකට පසුගිය 12 වනදා කිසියම් පිරිසක් විසින් පහර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පහරකෑමට ලක් වූ තමිල්නාඩු ධීවරයින් චෝදනා කර ඇත්තේ ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසක් මෙම පහරදීම සිදුකළ බවටයි.

පහරදීමෙන් පසු ශ්‍රී ලාංකික ධීවරයන් තමගේ ධීවර ආම්පන්නවලට සහ ධීවර යාත්‍රාවට හානිකර අල්ලාගත් මසුන් ද රැගෙන ගිය බවයි ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ.

පහර කෑමට ලක්වූ ඉන්දීය ධීවරයින් පිරිස රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?