Empty Ad
AFC Banner
Empty Ad

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩකයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අනාවරණයක්

රිය අනතුරකින් තුවාල ලැබූ ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් මුම්බායි නුවර රෝහලක් වෙත යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා.

රිෂාබ් පාන්ට් පසුගිය සතියේ දෙසැම්බර් 30 වැනි දින දිල්ලි-ඩෙරාඩුන් අධිවේගී මාර්ගයේදී මෝටර් රථ අනතුරකට ලක්වුණා.

බස් රථ රියදුරෙකු සහ කොන්දොස්තරවරයකු විසින් දැවෙන මෝටර් රථයෙන් ක්‍රීඩකයා එළියට ගෙන ප්‍රාදේශීය රෝහලකට යොමු කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කඩුලු රකින ක්‍රීඩකයාගේ MRI ස්කෑන් පරීක්ෂණයෙන් ඔහුගේ මොළයට හෝ සුෂුම්නාවට කිසිදු හානියක් සිදුවී නොමැති බව අනාවරණය වී තිබෙනවා.

ඔහු දින කිහිපය තුළ, දැඩි සත්කාර ඒකකයේ සිට රෝහලේ පෞද්ගලික කාමරයකට ගෙන ගොස් ඇති අතර මේ වන විට සුවය ලබමින් පවතින බව සඳහන්.

සීරීම් සහ මුහුණේ තුවාල සඳහා ප්ලාස්ටික් සැත්කම් දැනටමත් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඔහුගේ දණහිසේ MRI ස්කෑන් පරීක්ෂණය තවමත් සිදු කර නොමැති අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) වෛද්‍ය කණ්ඩායමට ප්‍රතිකාර ආරම්භ කළ හැක්කේ ඔහුගේ ප්ලාස්ටික් සැත්කමෙන් සුවය ලැබීමෙන් පසුව පමණක් බව ද සඳහන්.

රිෂාබ් පාන්ට් ඩෙහ්රාඩුන් හි මැක්ස් රෝහලේ සිට මුම්බායි හි කෝකිලාබෙන් අම්බානි රෝහලට ගුවන් ගිලන් රථයක් හරහා මාරු කරන අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඒ සඳහා ගුවන් ගිලන් රථයක් අනුමත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර අනතුරට ලක්වූ රිෂාබ් හට දිගු කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමට සිදුවනු ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?