ඉන්දියාව සහ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව යළිත්

ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර ආරම්භ කරන ලද මගී ප්‍රවාහන බෝට්ටු සේවාව මෙම මස 13 වනදා යළි ආරම්භ කරන බව මෙරට පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය අද (06) මේ බව සඳහන් කළා.

මෙම බෝට්ටු සේවාව ඉන්දීය නැව් සමාගම විසින් ශ්‍රී ලංකා රජයේ උපදෙස් පරිදි තෝරාගත් පෞද්ගලික සමාගමක් වන ඉන්ද්ශ්‍රී ෆෙරි සර්විසස් විසින් ක්‍රියාත්මත කරන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම සේවාව මගීන් සඳහා දැරිය හැකි මුදලකට සහ ආකර්ෂණීය ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය වසරක කාලයක් සඳහා අදාළ ඇතැම් ගාස්තු සහ නාගපට්ටිනම් වරායේ මෙහෙයුම් පිරිවැය මසකට ශ්‍රී ලංකා රුපියල් මිලියන 25 කට වැඩි අගයක් දක්වා දරාගැනීමට තීරණය කර තිබෙනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 වසරේ ජූලි මාසයේදී සිදු කරන ලද ඉන්දීය සංචාරයෙන් අනතුරුව ඉන්දීය නැව් සමාගම විසින් 2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ආරම්භ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27