spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාව සහ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව යළිත්

ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර ආරම්භ කරන ලද මගී ප්‍රවාහන බෝට්ටු සේවාව මෙම මස 13 වනදා යළි ආරම්භ කරන බව මෙරට පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය අද (06) මේ බව සඳහන් කළා.

මෙම බෝට්ටු සේවාව ඉන්දීය නැව් සමාගම විසින් ශ්‍රී ලංකා රජයේ උපදෙස් පරිදි තෝරාගත් පෞද්ගලික සමාගමක් වන ඉන්ද්ශ්‍රී ෆෙරි සර්විසස් විසින් ක්‍රියාත්මත කරන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම සේවාව මගීන් සඳහා දැරිය හැකි මුදලකට සහ ආකර්ෂණීය ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය වසරක කාලයක් සඳහා අදාළ ඇතැම් ගාස්තු සහ නාගපට්ටිනම් වරායේ මෙහෙයුම් පිරිවැය මසකට ශ්‍රී ලංකා රුපියල් මිලියන 25 කට වැඩි අගයක් දක්වා දරාගැනීමට තීරණය කර තිබෙනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 වසරේ ජූලි මාසයේදී සිදු කරන ලද ඉන්දීය සංචාරයෙන් අනතුරුව ඉන්දීය නැව් සමාගම විසින් 2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ආරම්භ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?