AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ අට හැවිරිදි පිරිමි දරුවෙක් නළ ළිඳක් තුළ සිරවෙයි (ඡායාරූප)

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බෙතුල් දිස්ත්‍රික්කයේ ඊයේ (06) පස්වරුවේ අඩි 55ක් පමණ ගැඹුරු නළ ළිඳකට වැටී අට හැවිරිදි පිරිමි දරුවෙකු එහි සිරව ඇති බව වාර්තා වනවා.

මෙම දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

‘තන්මයි සාහු’ නම් මෙම ළමයා පිට්ටනියක සෙල්ලම් කරමින් සිටිය දී නළ ළිඳට වැටී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

නළ ළිඳ තුල සිර වී සිටින දරුවා මේ එනවිට කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වන බවට අනාවරණය වී ඇති අතර, ඔහු සිහිසුන්ව ඇති බවටයි මුදාගැනීමේ කණ්ඩායමේ සඳහන් කර සිටියේ.

මේ අතර, මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශිව්රාජ් සිං චෞහාන් නිලධාරීන්ට පවසා ඇත්තේ දරුවා මුදාගැනීමේ මෙහෙයුම පිළිබදව හැකි සෑම අවස්ථාවකදීම තමන් දැනුවත් කරන ලෙසයි.

දිස්ත්‍රික්ක 03ක කණ්ඩායම් මෙම මුදාගැනීමේ කටයුතුවල නිරත වන බවයි වාර්තා වන්නේ.

මීට පෙර ද මෙවැනි සිදුවීම් කිහිපයක් ඉන්දියාවෙන් වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?