ඉන්දියාවේ අට හැවිරිදි පිරිමි දරුවෙක් නළ ළිඳක් තුළ සිරවෙයි (ඡායාරූප)

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බෙතුල් දිස්ත්‍රික්කයේ ඊයේ (06) පස්වරුවේ අඩි 55ක් පමණ ගැඹුරු නළ ළිඳකට වැටී අට හැවිරිදි පිරිමි දරුවෙකු එහි සිරව ඇති බව වාර්තා වනවා.

මෙම දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

‘තන්මයි සාහු’ නම් මෙම ළමයා පිට්ටනියක සෙල්ලම් කරමින් සිටිය දී නළ ළිඳට වැටී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

නළ ළිඳ තුල සිර වී සිටින දරුවා මේ එනවිට කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වන බවට අනාවරණය වී ඇති අතර, ඔහු සිහිසුන්ව ඇති බවටයි මුදාගැනීමේ කණ්ඩායමේ සඳහන් කර සිටියේ.

මේ අතර, මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශිව්රාජ් සිං චෞහාන් නිලධාරීන්ට පවසා ඇත්තේ දරුවා මුදාගැනීමේ මෙහෙයුම පිළිබදව හැකි සෑම අවස්ථාවකදීම තමන් දැනුවත් කරන ලෙසයි.

දිස්ත්‍රික්ක 03ක කණ්ඩායම් මෙම මුදාගැනීමේ කටයුතුවල නිරත වන බවයි වාර්තා වන්නේ.

මීට පෙර ද මෙවැනි සිදුවීම් කිහිපයක් ඉන්දියාවෙන් වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මි#යගිය C.D. වික්‍රමරත්න ගැන මනෝජ්ගෙන් සැර කතාවක් - එතුමා ගොවියෙක්ගේ පුතෙක්..අපි දන්නවා එයා ගැන
06:36
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58
Video thumbnail
ෆේස්බුක් ලයිව් ඇවිත් එළොව ගිය තරුණයාගේ අවසන් කටයුතු - "අනේ මගේ රත්තරං පුතා ඇයි මාව දාලා ගියේ ?"
03:08
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50
Video thumbnail
විපක්ෂය බලනකොටම පේන්නේ ජෝකර්නේ - කිසි කෙනෙක් සජිත් ළඟ ඉන්න කැමති නෑ
04:25
Video thumbnail
මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම එයාලගේ සේවකයෙක් - අපි පූසන්ගේ අයිතිකාරයෝ නෙවෙයි
05:48
Video thumbnail
"හිටපු පොලිස්පති CD ට අත්වුණු ඉරණම ගැන අසල්වැසියෙක් සංවේදීව හෙලි කරයි"
00:31