ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් බිත්තර ගෙන්වන්න

බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් බිත්තර ආනයනය කළ යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පවසනවා.

එසේ නොවුනහොත් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවයි සභාපතිවරයා පවසා සිටියේ.

ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් බිත්තර ආනයනය කළහොත් බිත්තරයක් රුපියල් 30.00ත් 32.00ත් අතර මිලකට අලෙවි කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

බිත්තර සම්බන්ධයෙන් පවතින කළු කඩ මිල පාලනය කිරීම සඳහා හැකි ඉක්මනින් පියවර ගත යුතු බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?