ඇමරිකාව ඛනිජ තෙල් සංචිත සඳහා කරන්න යන දේ

ඇමරිකාවේ පවත්නා ඛනිජ තෙල් සංචිත හදිසි භාවිතය සඳහා නිකුත් කිරීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්ධන මිල ඉහළ යාම පාලනය කිරීමට නම් එරට ඉන්ධන සංචිත භාවිතයට නිකුත් කිරීම අත්‍යවශ්‍ය බවයි ඇමරිකා සෙනට් මණ්ඩලය පසුගියදා ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම චීනයෙන් ද බොරතෙල් සංචිත හදිසි භාවිතය සදහා නිකුත් කරන ලෙසයි ඇමරිකාව ඉල්ලීම් කර ඇත්තේ.

තවද ඉන්දියාව, ජපානය හා දකුණු කොරියාව ද තම ඉන්ධන සංචිත වෙළෙදපොළට නිකුත් කරනු ඇති බවට ඇමරිකාව තම විශ්වාසය පළ කරනවා.

බොරතෙල් නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගන්නා ලෙසද ඇමරිකාව ඇතුලු ලෝක බලවතුන් ඔපෙක් සංවිධානය ඉල්ලීම් කර ඇති බවද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?