උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අයදුම්පත් කැඳවයි

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 2026/ 2027 අධ්‍යයන වර්ෂය සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිණිස අයදුම් පත්‍ර කැඳවනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ, අනුව මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය සලකනු නොලබන අතර, උසස් පෙළට ඇතුළත් වී 13 ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබමින්, දෙස් විදෙස් පිළිගැනීමකින් යුතු වෘත්තීය සුදුසුකම් (NVQ 4) ලබා ගැනීමට සිසුන්ට අවස්ථා සැලසෙනවා.

2025(2026) හෝ පසුගිය වසර 03ක් ඇතුළත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඕනෑ ම සිසුවෙකුට වෘත්තීය විෂය ධාරාව සහිත පාසලක 12 ශ්‍රේණිය සඳහා අයදුම් කළ හැකියි.

ඒ අනුව 12 ශ්‍රේණියට ඇතුළත් වන සිසුන්ට මෘදු කුසලතා සංවර්ධනය හා වෘත්තීය ක්ෂේත්‍ර හඳුන්වාදීම අරමුණු කරගත් මොඩියුල අධ්‍යයනය කළ හැකියි.

13 ශ්‍රේණියේ දී එම සිසුන්ට සුදුසු වෘත්තියක NVQ 4 මට්ටමේ පුහුණුවක් සඳහා රජයේ වෘත්තීය පුහුණු ආයතනයකට පාසල විසින් ම සම්බන්ධ කරනු ලබනවා.

මෙහි දී, සිසුන්ට වෘත්තීය පුහුණු ආයතනයක මෙන් ම රැකියා ස්ථානයක පුහුණුව ද ලබාගත හැකියි.

ඒ අනුව, සංචාරක හා ආගන්තුක සත්කාරය, මෝටර් රථ/ රථ වාහන තාක්ෂණ ශිල්පය, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය හා සත්කාර සේවා, මැණික් හා ස්වර්ණාභරණ තාක්ෂණය, රූපලාවන්‍ය, ප්‍රාසාංගික කලා ඇතුළු ශිල්ප, ආහාර නිෂ්පාදනය, ඇඟලුම්, විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ලෝහ පිරිසැකසුම්කරණය, පෑස්සුම් ශිල්පය, යන්ත්‍ර ක්‍රියාකරවීම, ඉදිකිරීම් කර්මාන්තය, ගෘහ අලංකරණය, උද්‍යාන අලංකරණය, කෘෂි හා වැවිලි කර්මාන්තය, ජලජ සම්පත් තාක්ෂණ ශිල්පය, ක්‍රීඩා, ජීවිතාරක්ෂක හා කිමිදුම් ශිල්ප, වෙළඳ හා සැපයුම් යනාදී ක්ෂේත්‍ර රැසක වෘත්තීය පුහුණු අවස්ථා සිසුන්ට හිමි වනවා.

මෙම පුහුණුව සාර්ථකව නිමා කරමින් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කරන සිසුන්ට NVQ 4 සහතිකය හිමිකර ගත හැකි අතර, එයින් දේශිය හෝ විදේශීය රැකියාවලට මෙන්ම උසස් අධ්‍යාපන අවස්ථාවලට ද ව්‍යවසායකත්වයට ද පිවිසිය හැකියි.

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වීමේ අයදුම් පත්‍රය, අයදුම් කළ හැකි පාසල් ලේඛනය, වෘත්තීය පුහුණුව ලැබිය හැකි ක්ෂේත්‍ර ඇතුළු තොරතුරු අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ විශේෂ දැන්වීම් යටතේ යටතේ පළකර තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොසලකා සිසුන්ට දහතුන් වසරක අධ්‍යාපනය සහතික කිරීමේ අරමුණෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙම විෂය ධාරාව ක්‍රියාත්මක කෙරෙනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම අමාත්‍යාංශයේ සැමට අධ්‍යාපන ශාඛාව හා සම්බන්ධ වීමෙන් හෝ මෙම අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හරහා ලබාගත හැකියි.

  1. ඉතාමත් විශිෂ්ඨයි දරුවන්ට භේදයකින් තොරව හොඳ අනාගතයක් හැදෙයි, දක්ශ අදක්ශ කියලා භේදයකින් තොරව



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46