කෝටි එකොළහකට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් මගියෙක් කටුනායක දී අල්ලයි

රුපියල් එකොළොස් කෝටි පනස් ලක්ෂයක් වටිනා කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරට ගෙන ආ ගුවන් මගියෙක් ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ -12 ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන අයෙක්.

මොහු නගර සභා සේවකයෙක් බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙම ගුවන් මගියා අද (06) අලුයම තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරනෑ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ව්‍යාජ පතුලක් සකස් කර, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 06යි ග්‍රෑම් 590ක ප්‍රමාණයක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 04යි ග්‍රෑම් 910ක ප්‍රමාණය සඟවා ගෙන රැගෙනවිත් තිබිය දී සොයා ගැනුණා.

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේනගේ උපදෙස් මත සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.එම්.සී.පී.හේරත්ගේ අධීක්ෂණය මත කටුනායක ගුවන් තොටුපොළ  මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකරමින් සිටිනවා.

සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය අද (06) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14