ඉරාන යුද නැව ගැන ජනපති ගත් නිර්භීත තීරණයට නාමල්ගෙන් පැසසුම්

ඉරාන යුද නෞකාවක් වන ‘අයිරිස් බුෂෙහර්’ නෞකාවට දේශීය මුහුදු සීමාවට ඇතුළු වී ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලෑමට අවසරදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය සාදරයෙන් පිළිගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

ජාත්‍යන්තර නීති යටතේ තම වගකීම් ඉටු කරමින් සහ අවශ්‍යතාවය පැනනගින විට මානුෂීය අභිනයන් පවත්වා ගනිමින්, පවතින ගැටුමේ දී ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ස්ථාවරයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවයි නාමල් මන්ත්‍රීවරයා එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

සමස්ත ගල්ෆ් කලාපයේ සහ ලොව පුරා සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අදාළ සියලු පාර්ශවයන් සමඟ සංවාදයක් සඳහා ශ්‍රී ලංකා රජයට දිගටම බලපෑම් කළ හැකි යැයි අපි බලාපොරොත්තු වන බවයි ඔහු පවසන්නේ.

එමන්ම ඉන්දියානු සාගරයේ ආරක්ෂාව සහ සමුද්‍රීය ආරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සහ එහි අනෙකුත් කලාපීය හවුල්කරුවන් නිරීක්ෂණය කිරීම සහ ඔවුන් සමඟ සමීපව කටයුතු කිරීම ද වැදගත් බව නාමල් රකපක්ෂන් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා මුහුදු තීරයට ආසන්නයේ ආපදාවට ලක්ව තිබූ ඉරාන යුද නෞකාවක් වන ‘අයිරිස් බුෂෙහර්’ නෞකාව මෙරට මුහුදු සීමාවට අතුල්කරගෙන එහි සිටි පිරිසට පහසුකම් සැපයීමේ මානුෂිය මෙහෙයුමක් ආරම්භ කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) රාත්‍රියේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළා.

එම මානුෂිය මෙහයුම යටතේ එහි සිටි පුද්ගලයින් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඒ, අනුව එම පිරිස මූලික පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිත බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එමෙන්ම ‘අයිරිස් බුෂෙහර්’ නෞකාව අද (06) දිනයේ ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20