ඉරානය දිගුකාලීන යුද්ධයකට සම්පූර්ණයෙන්ම සූදානම් බව ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ (IRGC) බ්‍රිගේඩියර් ජෙනරාල් අලි මොහොමඩ් නයිනි පවසනවා.
බ්‍රිගේඩියර් ජෙනරාල්වරයා සඳහන් කරන්නේ ගැටුමේදී තවමත් භාවිත කර නොමැති දියුණු අවි ආයුධ හඳුන්වා දීමට සූදානම් බවයි.
ඉදිරියේ දී එන නව ප්‍රහාර රැල්ලේ දී ඉරානයේ සතුරන් වේදනාකාරී පහරවල් අපේක්ෂාවෙන් සිටින ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිගේඩියර් ජෙනරාල් අලි මොහොමඩ් නයිනි පැවසුවේ.
පවතින මිලිටරි ගැටුම “පූජනීය හා නීත්‍යානුකූල යුද්ධයක්” ලෙස විස්තර කරමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ පසුගිය වසරේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් දියත් කරන ලද දින 12ක යුද්ධයට සාපේක්ෂව ඉරානය දැන් වඩාත් සූදානම්ව ඇති බවයි.
යුද්දය වෙනුවෙන් මේ වනවිට භාවිත කර ඇත්තේ ඉරානයේ සැබෑ හැකියාවන්ගෙන් කොටසක් පමණක් බවයි බ්‍රිගේඩියර් ජෙනරාල් නයිනි අවධාරණය කළේ.














මුලින්ම නැව් ගිල්වීම කලයුතුය
Defending Iran it’s ok.. but Don’t Attack GCC Country please ✌️👍🙏🙏🙏🙏🙏