ට්‍රම්ප් පරිපාලනය සහ යුධෝපකරණ නිෂ්පාදකයින් අතර අද විශේෂ සාකච්ඡාවක්

ට්‍රම්ප් පරිපාලන නිලධාරීන් අද (06) එක්සත් ජනපද ආරක්ෂක විධායක නිලධාරීන් හමු වී ආයුධ නිෂ්පාදනය පිළිබඳව සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව ධවල මන්දිර නිලධාරියෙකු බීබීසී පුවත් සේවයට තහවුරු කර තිබෙනවා.

මෙම රැස්වීම ධවල මන්දිරයේදී පැවැත්වෙන අතර, රේතියන් හි මව් සමාගම වන ලොක්හීඩ් මාටින් සහ RTX ඇතුළු සමාගම් කිහිපයක් මේ සඳහා සහභාගී වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු ආයුධ සැපයුම් නැවත සම්පූර්ණ කර ගැනීම සඳහා පෙන්ටගනය කටයුතු කරන බැවින් සහ තවත් මිලිටරි උත්සාහයන් කිහිපයකින් පසු ආයුධ නිෂ්පාදනය වේගවත් කිරීම මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

එමෙන්ම මාධ්‍ය හමුවකදී එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පැවසුවේ එක්සත් ජනපදය සතුව ඕනෑ තරම් යුධෝපකරණ පවතින බවයි.

එමෙන්ම ඉරානයට එරෙහි සිය මෙහෙයුම අවශ්‍ය තාක් කල් පවත්වාගෙන යා හැකි බවත් ඔහු එහිදී අවධාරණය කළා.

මේ අතර අවි බිම තබා වහාම යටත්වන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකායට, එහි හමුදාවන්ට සහ පොලීසියට දැනුම්දී තිබෙනවා.

ඔවුන් එසේ කළහොත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

එසේ නොකරන්නේ නම් නියත මරණයකට මුහුණදීමට සිදුවන බවත් ඔහු අනතුරු අඟවා තිබෙනවා.

ධවල මන්දිරයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11