ආර්ථික අර්බුදය ගැන ඇමති මණ්ඩලයේ තීරණ…

මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සාකච්ඡා ආරම්භ කළ යුතු බවට කැබිනට් අමාත්‍යවරු රැසක් යෝජනා ඉදිරිපත් කර තිබේ.

ඊයේ (13) රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරු මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ පැවැත්විය.

රැස්වීමේදි ප්‍රධාන වශයෙන්ම ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වී තිබේ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරු කිහිපදෙනෙකු අදහස් දක්වා ඇති අතර තවත් අමාත්‍යවරු කිහිපදෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර අරමුදලට ගියහොත් එහි කොන්දේසිවලට එකඟවීමට සිදුවනු ඇති බවය.එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මිත්‍ර පාක්ශික රටවල සහාය ලබාගැනීම වඩාත් සුදුසු බව තවත් මන්ත්‍රීවරු පිරිසක් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව වාර්තා වේ.

මේ අතර අමාත්‍ය මණ්ඩලයේදී ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්වී තිබේ.

ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 420ක් පමණ වැයවන බව විෂය භාර අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති බව සඳහන් වේ.ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ ඉන්ධන ආනයනය කිරීමේදී ගැටලු රැසක් මතුවනු ඇති බව ද ඔහු පෙන්වා දී තිබේ.

මෙහිදී රුපියල පා කළ යුතු බවට අමාත්‍යවරු ප්‍රකාශ කර ඇති අතර ඊට බොහෝ පිරිසකගේ එකඟතාව පළ වී ඇති බව වාර්තා වේ.මේ අතර ඊයේ දිනයේදී යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් වන ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති අතර ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී මෙම ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බව සඳහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11
Video thumbnail
හරිනිව අප්‍රසාදයට පත් කරන්න පැලවත්ත කරපු කුමන්ත්‍රණයක් මේක ?දොලවත්තගෙන් සැර සත්තමක්
09:20
Video thumbnail
හදිසියේම මාළිගාවත්තේ ඇතුවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
02:09
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බිහිසුණු ටිපර් අනතුර..ටිපර් එක කුඩේ කුඩු - ෆ්ලැට් වෙලාම ගිහින්
01:29
Video thumbnail
ජාතික තෛපොංගල් උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
09:07
Video thumbnail
ටින් අංකය නැත්තම් වාහන ලියාපදිංචි කරන්නේ නෑ..ටින් අංකය අනිවාර්යය කරයි
03:09
Video thumbnail
මිද්දෙනියේ කාටත් හොරා පෙරූ කසිප්පු තොගයක් එක්ක පුද්ගලයෙක් කොටුවෙයි
02:04


?