ආර්ථික අර්බුදය ගැන ඇමති මණ්ඩලයේ තීරණ…

මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සාකච්ඡා ආරම්භ කළ යුතු බවට කැබිනට් අමාත්‍යවරු රැසක් යෝජනා ඉදිරිපත් කර තිබේ.

ඊයේ (13) රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරු මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ පැවැත්විය.

රැස්වීමේදි ප්‍රධාන වශයෙන්ම ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වී තිබේ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරු කිහිපදෙනෙකු අදහස් දක්වා ඇති අතර තවත් අමාත්‍යවරු කිහිපදෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර අරමුදලට ගියහොත් එහි කොන්දේසිවලට එකඟවීමට සිදුවනු ඇති බවය.එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මිත්‍ර පාක්ශික රටවල සහාය ලබාගැනීම වඩාත් සුදුසු බව තවත් මන්ත්‍රීවරු පිරිසක් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව වාර්තා වේ.

මේ අතර අමාත්‍ය මණ්ඩලයේදී ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්වී තිබේ.

ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 420ක් පමණ වැයවන බව විෂය භාර අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති බව සඳහන් වේ.ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ ඉන්ධන ආනයනය කිරීමේදී ගැටලු රැසක් මතුවනු ඇති බව ද ඔහු පෙන්වා දී තිබේ.

මෙහිදී රුපියල පා කළ යුතු බවට අමාත්‍යවරු ප්‍රකාශ කර ඇති අතර ඊට බොහෝ පිරිසකගේ එකඟතාව පළ වී ඇති බව වාර්තා වේ.මේ අතර ඊයේ දිනයේදී යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් වන ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති අතර ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී මෙම ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බව සඳහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05