ආරවුලෙන් පසු සැමියා බිරිඳව ඝාතනය කර සිරුර කැබලි කරලා

බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු ඇයව ඝාතනය කර පසුව සිරුර කැබලිවලට කැපූ සැමියෙකු පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය අද (28) වාර්තා කරනවා.

දෙදෙනා අතර ඇති වූ ආරවුලෙන් පසු ඊයේ (27) රාත්‍රියේ මෙම අපරාධය සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කර්ණාටක ප්‍රාන්තයේ ටුමකුරු ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි පුෂ්පා නැමැති කාන්තාවක්.

මොවුන් දෙදෙනා අතර නිරන්තරයෙන් ආරවුල් හටගෙන ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇති අතර, මොවුන් දෙදෙනා තම 08 හැවිරිදි දරුවා සමඟ කුලී නිවසක ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර සැමියා විසින් බිරිඳගේ හිස ගසා දමා ඇගේ සිරුර නිවසේ මුළුතැන්ගෙය තුළ දී කැබලි කර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

ශිවරාම් නමැති සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ලී මෝලක සහායකයකු ලෙස සේවය කළ අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
1
+1
3
+1
13
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?