ආරවුලෙන් පසු සැමියා බිරිඳව ඝාතනය කර සිරුර කැබලි කරලා

බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු ඇයව ඝාතනය කර පසුව සිරුර කැබලිවලට කැපූ සැමියෙකු පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය අද (28) වාර්තා කරනවා.

දෙදෙනා අතර ඇති වූ ආරවුලෙන් පසු ඊයේ (27) රාත්‍රියේ මෙම අපරාධය සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කර්ණාටක ප්‍රාන්තයේ ටුමකුරු ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි පුෂ්පා නැමැති කාන්තාවක්.

මොවුන් දෙදෙනා අතර නිරන්තරයෙන් ආරවුල් හටගෙන ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇති අතර, මොවුන් දෙදෙනා තම 08 හැවිරිදි දරුවා සමඟ කුලී නිවසක ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර සැමියා විසින් බිරිඳගේ හිස ගසා දමා ඇගේ සිරුර නිවසේ මුළුතැන්ගෙය තුළ දී කැබලි කර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

ශිවරාම් නමැති සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ලී මෝලක සහායකයකු ලෙස සේවය කළ අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40