ත්‍රිවිධ හමුදාවෙන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් ආගමික ස්ථාන වෙත ලබා දී තිබෙන ආරක්ෂාව ඉවත්කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
ඒ, අනුව ආගමික ස්ථානවල ආරක්ෂාවට සහ ඒවායේ ඉදිකිරීම් සඳහා ලබා දී ඇති භට පිරිස සංඛ්‍යාව අඩු කිරීමට තීරණයක් රජය විසින් අරගෙන නොමැති බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්.බී.බී.නලීන් හේරත් පැවසුවේ.
අද (03) පස්වරුවේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1