පොලිස් නිලධාරීන්ගේ අනීතික ක්‍රියා වීඩියෝ කරන මහජනතාවට විශේෂ නිවේදනයක් (නිවේදනය)

පොලිස් නිලධාරියන් විසින් සිදු කරනු ලබන රාජකාරි මෙන් ම නිලධාරින්ගේ ක්‍රියාකාරකම් ද මහජනතාව විසින් වීඩියෝගත කරන අවස්ථා වර්තමානයේ බහුලව දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා පොලිස්පති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියලුම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු, අණදෙන නිලධාරි ඇතුළු වගකිවයුතු පොලිස් නිලධාරී ඉහළ තලවලට දැනුම්දී ඇත්තේ මෙලෙස වීඩියෝගත කරන අවස්ථාවල දී ඇතැම් පොලිස් නිලධාරින් එම පුද්ගලයන්ට දෝෂාරෝපණය කිරීම, වීඩියෝගත කරන ජංගම දූරකථන ආදිය පොලිස් භාරයට ගැනීම් සහ ඇතැම් අවස්ථාවල දී එලෙස වීඩියෝගත කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් පවා සිදු කරන බවට වාර්තා වී ඇති බවයි.

ඇතැම් පොලිස් නිලධාරින් ඉහත පරිදි ක්‍රියා කරන අවස්ථා බොහොමයකදී එම නිලධාරීන්ගේ නීතිවිරෝධී සහ විනය විරෝධී හෝ සදාචාර විරෝධී ක්‍රියාවන් එකී පුද්ගලයින් විසින් වීඩියෝගත කර ඇති බවට වැඩිදුරටත් නිරීක්ෂණය වී තිබෙන බව පොලිස්පති කාර්‍යාලය නිවේදනය කරනවා.

මෙලෙස මහජනතාව විසින් පොලිස් නිලධාරින්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් හෝ වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බව තම පොලිස් අංශ යටතේ සිටින නිලධාරින්ට දැනුම්දිය යුතු බවයි වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ.

යම් වරදක් වීඩියෝගත කරන අවස්ථාවක දී එම සංස්කරණය නොකළ වීඩියෝ රෙකෝඩනය සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට නෛතික ප්‍රතිපාදන 1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතෙහි 04 වැනි වගන්තියට ඇතුළත් ව ඇති අතර එම නෛතික ප්‍රතිපාදන අපරාධ හෝ සිවිල් නඩුවක පැමිණිලි පාර්ශ්වය මෙන් ම විත්ති පර්ශ්වය විසින් ද ප්‍රයෝජනයට ගත හැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.

  1. අදාල පොලිසියට විතරක් නෙමෙයි . සමහර සංවේදී අවස්තා සහ කරුනු ගැන ප්‍රචාරනයේදී සැලකිල්ලක් දක්වන්න.

  2. අර ලොහාන්ගෙ කේස් එකේ traffic OICකාරයා කරන්නේ නීතියට අදාල නොවන දෙයක් … ඒනිසා ඒකට action එකක් ගන්න ඕන නේද.. නීති රකින්න ඉන්න මිනිස්සුම නීතිය දන්නෙ නැත්තං හා වැරදිකාරයන් ප්‍රභූවරුන් බේරාගැනීමට අනීතිකව ක්‍රියාකිරීමක් නේද ඒ දෙන්නා කරේ…

  3. වීඩියෝ ගත කර සමාජ මාධ්‍යට මුදා හැරීම තහනම් කර අපරාධ විමර්ශන ඒකකයකට යොමු කිරීම හරහා අදාල නිලදාරීන්ට දඩුවම් ලබාදීම කාලෝචිතයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34