ස්පාඤ්ඤයේ රජු සහ රැජිනට මඩ සහ ගල් ප්‍රහාරයක්

ගංවතුරින් විපතට පත් වැලෙන්සියා ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ස්පාඤ්ඤයේ රජුට සහ රැජිනට කෝපයට පත් මහජනයා විසින් මඩ සහ ගල්වලින් පහර දී තිබෙනවා.

ගංවතුරින් දරුණුතම බලපෑමට ලක් වූ පයිපෝටා නගරය හරහා රාජකීය යුවළ ගමන් කරන අවස්ථාවේ දී කෝපයට පත් මහජනයා විරෝධතා පාඨ කියමින් ඔවුන්ට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම නිරීක්ෂණ සංචාරයට ස්පාඤ්ඤයේ අගමැති සහ රජයේ නිලධාරීන් පිරිසක් ද එක්ව ඇති බවයි වාර්තා වුණේ.

තමන්ගේ මුහුණු සහ ශරීරයේ මඩ තැවරුනත් ස්පාඤ්ඤයේ ෆිලිපේ රජු සහ ලෙටිසියා රැජින රැස්ව සිටි මහජනතාව සනසනු දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

ගංවතුරට පෙර බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීමි සිදු නොකිරීම සහ ගංවතුරෙන් පසු ප්‍රමාණවත් පහසුකම් ලබා නොදීමට එරෙහිව මෙලෙස මහජනයා ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

දශක කිහිපයකට පසු පසුගිය දා ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 200 කට වැඩි පිරිසක් මිය ගොස් තවත් විශාල සංඛාවක් අතුරුදන්ව සිටිනවා.

දිවි ගලවා ගත් අය බේරා ගැනීමට සහ මළ සිරුරු ගොඩගැනීමේ බලාපොරොත්තුවෙන් හදිසි සේවකයින් භූගත රථගාල් සහ උමං මාර්ගවල මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04