2025 IPL තරගාවලියේ රඳවාගත් ක්‍රීඩක ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ – හෙන්රිච් ක්ලාසන්ට වැඩිම මිලක් (නිවේදනය)

2025 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක ලංසු තැබීමට පෙර; පසුගිය තරගාවලියේ දී එම කණ්ඩායම්වල සිටි ඇතැම් ක්‍රීඩකයින් ව එළඹෙන IPL තරගාවලිය සඳහා ද බොහෝ කණ්ඩායම් විසින් රඳවා ගැනීම් සිදු කරනු ලැබුවා.

ඒ අනුව අද (31) දිනයේ දී ඉන්දීය ප්‍රීමියර් ලීග් සංවිධායක මඬුල්ල විසින් එලෙස රඳවා ගත් පසුගිය ක්‍රීඩකයින් කවුරුන් ද යන වග සහ ඔවුන්ට 2025 IPL තරගාවලියේ දී හිමි ව ඇති මුදල් ප්‍රමාණයන් ද ප්‍රකාශයට පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් ඉන්දීය ක්‍රීඩකයින් සිව්දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු තවදුරටත් රඳවාගෙන තිබෙනවා.

ඒ අතර සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ වේග පන්දු ක්‍රීඩක මතීෂ පතිරණ යි.

මතීෂ හට චෙන්නායි කින්ග්ස් කණ්ඩායමෙන් මෙවර ඉන්දීය රුපියල් කෝටි 13ක් හිමි ව තිබෙනවා.

එය ශ්‍රී ලංකා මුදලින් ගතහොත් රුපියල් කෝටි 45.2 (ලක්ෂ 4520)ක් වනු ඇති.

මීට අමතරව චෙන්නායි කින්ග්ස් කණ්ඩායමට මහේන්ද්‍ර සිං දෝනි, රවීන්ද්‍ර ජඩේජා, රුතුරාජ් ගයික්වාඩ් සහ ශිවම් ඩබ් ද ඇතුළත් ව සිටිනවා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩකයින් සිව්දෙනෙකු රඳවාගෙන ඇති අතර ඒ තුළ ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනකු සහ එක් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු ද සිටිනවා.

එම දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා වන්නේ ආරම්භක පිතිකරුවෙකු ලෙස පැමිණෙන ට්‍රිස්ටන් ස්ටබ්ස්.

ඔහුට ඉන්දීය රුපියල් කෝටි 10ක් හිමිව තිබෙනවා.

සෙසු ක්‍රීඩකයින් වන්නේ අක්සාර් පටෙල්, කුල්ඩීප් යාදව් සහ අභිෂේක් පොරෙල්.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ රඳවා ගත් ක්‍රීඩකයින් අතර වැඩිම මිලක් හිමිව ඇත්තේ ඇෆ්ගන් ක්‍රීඩක රෂීඩ් ඛාන්ටයි.

රෂීඩ් හට ඉන්දීය රුපියල් කෝටි 18ක් හිමිව තිබෙනවා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පසුගිය ක්‍රීඩකයින් සයදෙනෙකු තවදුරටත් රඳවාගෙන ඇති අතර එහි දී ඉහළ ම මිලක් හිමිව ඇත්තේ රින්කු සිං හටයි.

ඔහුට ඉන්දීය රුපියල් කෝටි 13ක් හිමිව තිබෙනවා.

ලක්නව් සුපර් ජෑන්ට්ස් වෙනුවෙන් ද ක්‍රීඩකයින් පස් දෙනෙකු තවදුරටත් පසුගිය වසරේ සේ ම රැඳී සිටින අතර එහි වැඩිම මිලක් කොදෙව් ක්‍රීඩක නිකලොස් පුරාන්ට හිමි ව ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 21ක මුදලක් පිරිනමමින්.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ද ක්‍රීඩකයින් පස් දෙනෙකු රඳවා ගෙන ඇත්තේ හුරුපුරුදු මුහුණු සිහිපත් කරමින් වීම ද විශේෂත්වයක්.

ඒ අතර ඉහළතම මිලක් ජස්ප්‍රිට් බුම්‍රා හට හිමිව ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 18ක් පිරිනමමින්.

ඊට අමතරව සූර්‍යකුමාර් යාදව, හර්දික් පාණ්ඩ්‍යා, රෝහිත් ෂර්මා සහ තිලක් වර්මා වනවා.

පන්ජාබ් කින්ග්ස් වෙනුවෙන් ක්‍රීඩකයින් දෙදෙනකු පමණක් රඳවාගෙන ඇත්තේ ඔවුන් පිළිවෙළින් ශශංක් සිං සහ ප්‍රබ්සිම්‍රන් සිං තෝරා ගනිමින්.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ක්‍රීඩකයින් සයදෙනෙකු තබාගෙන ඇති අතර එහි වැඩිම මිලක් හිමිව ඇත්තේ සංජු සැම්සන්ට‍යි.

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමට ද ක්‍රීඩකයින් තිදෙනකු රඳවා ගෙන තිබෙනවා.

එහි වැඩිම මිලක් හිමිව ඇත්තේ කින්ග් කෝලි හටයි.

සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ද ක්‍රීඩකයින් පස්දෙනෙකු රැඳී සිටින අතර ඉහළම මිලක් පැට් කමින්ස් හට හිමිව තිබෙනවා.

එමෙන්ම එළඹෙන ඉන්දීය ප්‍රීමියර් ක්‍රිකට් තරගාවලියේ රඳවාගත් ක්‍රීඩකයින් අතරින් වැඩිම මිලක් හිමිව ඇති ක්‍රීඩකයා වන්නේ හයිද්‍රාබාද් කණ්ඩායමේ හෙන්රිච් ක්ලාසන්.

ඔහුට ඉන්දීය රුපියල් කෝටි 23ක් හිමිව තිබෙනවා.

ඉන් පසුව වැඩිම මිලකට අලෙවි වී ඇත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමේ විරාට් කෝලි (ඉන්දීය රුපියල් කෝටි 21) සහ ලක්නව් සුපර් කණ්ඩායමේ නිකොලස් පූරාන් (ඉන්දීය රුපියල් කෝටි 21) යි.

2025 IPL තරගාවලියේ කණ්ඩායම්වල රැඳී සිටි ක්‍රීඩකයින් අතරින් තවදුරටත් කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය සහ කැමැත්ත මත රැඳී සිටින එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් වන්නට ද මහීෂ පතිරණ සමත් ව සිටිනවා.

IPL කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් රඳවාගනු ලැබූ ක්‍රීඩකයින් සහ ඔවුන්ට හිමි වූ තක්සේරු අගය පහතින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10