ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට (වීඩියෝ)

හිටපු ‍රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (31) පෙරවරුවේ හිටපු අමාත්‍යවරයාව මහනුවර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නුගේගොඩ – මිරිහානේ පිහිටි හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට අයත් නිවසේ නවතා තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ චෝදනාවටයි ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.