රටවල් කිහිපයක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් යළි කැඳවයි

රටවල් කිහිපයකම තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ආපසු කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මේ සම්බන්ධයෙන් ලිපි නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

විෂයභාර අමාත්‍ය විජිත හේරත්ගේ උපදෙස් මත විදේශ සේවයේ සුදුස්සන් ඉදිරියේ දී මෙම තනතුරු සඳහා පත් කිරීමට නියමිත බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙරටට නැවත කැඳවූ අය තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන්,

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත සහ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහ හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම

ඉන්දීය මහ කොමසාරිස්, හිටපු තානාපති ක්ෂෙනුකා සෙනෙවිරත්න.

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් චිත්‍රාංගනී වාගීස්වර

ජපානයේ තානාපති රොඩ්නි පෙරේරා

මැලේසියානු මහ කොමසාරිස්, හිටපු ගුවන් හමුදාපති සුමංගල ඩයස්

නේපාල තානාපති, හිටපු ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ

කියුබානු තානාපති, හිටපු නාවික හමුදාපති, නිශාන්ත උළුගේතැන්න

පකිස්ථාන මහ කොමසාරිස්, හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති, උදය ඉන්ද්‍රරත්න

කෙන්යාවේ මහ කොමසාරිස් වී.කනනාදන්.

සීෂෙල්ස් මහ කොමසාරිස් ශ්‍රීමාල් වික්‍රමසිංහ

ඉරාන තානාපති මොහොමඩ් ෂාහිඩ්



අපගේ නවතම වීඩියෝ පුවත්