59 සැමරූ කිං ඛාන්ගෙන් මුම්බායි පොලිස් නිලධාරීන්ට කෑම (වීඩියෝ)

බොලිවුඩයේ රජු ලෙස සැලකෙන ෂාරුක් ඛාන් ඊයේ (02) සිය 59 වැනි උපන්දිනය සමරනු ලැබුවා.

සෑම උපන්දිනයකම මෙන් මෙවරත් ඔහුට සුබ පැතීම සඳහා රසික රසිකාවියන් දසදහස් ගණකක් මුම්බායි හි පිහිටි ෂාරුක්ගේ නිවස වන මන්නාත් හි ඉදිරි මාර්ගයට රැස්ව සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ෂාරුක්ගේ පැමිණීම අපේක්ෂාවෙන් නිවස ඉදිරි පිට මාර්ගයේ රැඳී එම පිරිස පාලනය කිරීම සඳහා මුම්බායි පොලිස් නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව සඳහන්.

කෙසේ වෙතත් වෙනත් උපන්දිනවල මෙන් ෂාරුක් සිය රසික රසිකාවියන්ගේ සුබපැතුම් පිළිගැනීම සඳහා මන්නාත් හි බැල්කනිය වෙත නොපැමිණි බවයි තොරතුරු වාර්තා වුණේ.

ඒ, අනුව ෂාරුක්ගේ රසික රසිකාවියන් බලාපොරොත්තු සුන්ව එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

මේ අතර පිරිස පාලනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරූ මුම්බායි පොලිස් නිලධාරීන්ට සංග්‍රහ කිරීමට ෂාරුක් ඛාන් කටයුතු කර තිබූ බවයි ඉන්දීය මාධ්‍ය අද වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණා.

එහිදී ෂාරුක්ගේ කණ්ඩායම විසින් පොලිස් නිලධාරීන්ට ආහාර පෙට්ටි බෙදා දී ඇති බවයි වාර්තා වුණේ.

https://twitter.com/Vamp_Combatant/status/1852687048509136987


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04