බදුල්ල බස් අනතුරින් මියගිය සිසුවියන් දෙදෙනාගේ දේහයන් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන් වෙත

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ අඹගස්ඔය ප්‍රදේශයේ දී ඊයේ සිදු වූ බස් රථ අනතුරින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර තිබෙනවා.

එම පශ්චාත් මරණ පරීක්ෂවල දී අනාවරණය වී ඇත්තේ අනතුරින් හිසට සිදුවූ බරපතළ හානි හේතුවෙන් ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මේ අතර මියගිය සිසුවියන් දෙදෙනාගේ මෘත දේහයන් ඊයේ (01) රාත්‍රියේ ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදීමටයි කටයුතු කර තිබුණේ.

මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණේ එන්.එම්.පී.ටී. හෙට්ටිමුල්ල සහ ඉසුරි උමයංගනා යන 23 හැවිරිදි වියේ පසු වූ සිසුවියන් දෙදෙනෙක්.

ඔවුන් දෙදෙනා කුරුණෑගල, උණකොළගෙදර සහ නිවිතිගල, තොලබුගමුව යන ප්‍රදේශවල පදිංචිව සිටියා.

මේ අතර මිය ගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදුකිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කොට ඇති බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඊයේ (01) දැනුම් දුන්නා.

මේ අතර මෙම මාරාන්තික අනතුරින් තුවාල ලබා මේ වනවිට බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන තුවාලකරුවන්ගේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් පවතින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබූවන්ගෙන් 10 දෙනෙක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් රැගත් බස් රථය ඊයේ (01) උදෑසන බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරට ලක්ව තිබුණා.

එම අවස්ථාවේ දී එහි රියදුරා ඇතුළු 42 දෙනෙක් සිටි බවයි තොරතුරු වාර්තා වූණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13