අඹු – සැමි යුවලක් ගල්වලින් ගසා ඝාතනය කෙරේ

නිවසක ජීවත් වූ අඹු – සැමි යුවලක් ඝාතනය කර තිබියදී එම මළසිරුරු අද (30) පේදුරුතුඩුව පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම මරණකරු සහ මරණකාරිය කර්කෝවලම් ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී ඝාතනය වී ඇත්තේ කොන්ක්‍රීට් ගල් උපයෝගී කරගනිමින් බවයි සිදු කළ මූලික පොලිස් විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

මියගිය මරණකරුගේ (සැමියා) මිත්‍රයෙකු දුන් දූරකථන ඇමතුමකට ප්‍රතිචාර නොදැක්වීම මත අදාළ මිතුරා සිය මිතුරාගේ (මරණකරුගේ) නිවසට පැමිණ තිබෙනවා.

එසේ පැමිණි මිතුරාට දැක ගැනීමට ලැබී ඇත්තේ සිය මිත්‍රයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය වී ඇති බවයි.

පසුව ඔහු විසින් අදාළ සිදුවීම ප්‍රදේශවාසීන් වෙත පවසා කඩිනමින් පොලිසිය දැනුවත් කර තිබෙනවා.

පේදුරුතුඩුව මහෙස්ත්‍රාත්වරයා පැමිණ මරණ පරීක්ෂණ කටයුතු සිදු කළ බවත්; අදාළ ඝාතනයට යොදාගත්තා යැයි සැක කෙරෙන කොන්ක්‍රීට් ගල් කිහිපයක් ම සිරුරු අසල තිබියදී සොයාගත් බවත් පොලිසිය පවසනවා.

මෙම ඝාතනය කවුරුන් විසින් කුමන හේතුවක් මත සිදු කළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

මරණකරු පේදුරුතුඩුව රෝහලේ කම්කරුවෙකු ලෙස සේවය කරන බව ද හෙළි ව තිබෙනවා.

මෙලෙස ඝාතනය වී ඇත්තේ 54 හැවිරිදි මාණික්කම් සුබ්‍රමිණියම් සහ ඔහුගේ බිරිඳ වූ 53 හැවිරිදි මේරි සුබ්‍රමණියම් යන අය යි.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39