Update – දුන්හිඳ බස් අනතුරින් රෝහල් ගතකළ කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළයි – සිසුවියන් 02ක් ජීවිතක්ෂයට

බදුල්ල – මහියංගන ප්‍රධාන මාර්ගයේ අඹගස්ඔය ප්‍රදේශයේ දී (දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින්) අද (01) උදෑසන බස් රථයක් පෙරළී ගොස් දරුණු අනතුරක් සිදුවුණා.

උදෑසන 7.45ට පමණ සිදු වූ මෙම අනතුරින් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 35 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් සියලුම දෙනා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

අනතුර සිදුව අවස්ථාවේ දී ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිදු සිසුවියක් 37 දෙනෙක් ඇතුළු 41 දෙනෙකු බස් රථය තුළ සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

රෝහල් ගත කර සිටින සිසු සිසුවියන්ගෙන් කීපනෙනෙකු බරපතල තත්වයේ සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම පිරිස අධ්‍යන චාරිකාවක් සඳහා පස්සර ප්‍රදේශයට ඊයේ (31) පැමිණ තිබූ අතර, අද (01) ඔවුන් කුරුණෑගල බලා ගමන් කරමින් සිටිය දී මම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

ආරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව බැකෝ යන්ත්‍ර ආධාරයෙන් මහත් පරිශ්‍රමයක් දරා පෙරළී ගිය බස් රථය යළි කෙලින් කිරීමට කටයුතු කළ බවයි වාර්තාකරු සඳහන් කළේ.

බදුල්ල නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ උපදෙස් මත බදුල්ල පොලීසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

464591990 856511576640289 5821741397925787984 n
465223288 856512556640191 61240316386496383 n
464807535 856511519973628 1978218600304578498 n
464312704 856512529973527 2396120694398082276 n
465029970 856512506640196 8515750668189212182 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
21
+1
5
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16