මියගිය සරසවි සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දක්‍ෂිණ මණ්ඩපයේ (සූරියවැව) පිරිසක් රැගත් බස්රියක් බදුල්ල ප්‍රදේශයේ දි රිය අනතුරකට භාජනය වීම සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ; මියගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කොට ඇති බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රකාශ කළ බවයි.

ආරක්‍ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි අවශ්‍ය වුවහොත් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගීන් කොළඹට ගෙන ඒමට ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මේ වන විට දියතලාව ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර තිබෙන බව ද වාර්තා වනවා.

ලැබී ඇති තොරතුරු අනුව, බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදු වී ඇතැයි විශ්වාස කෙරෙන බවත් නිවේදනයේ සඳහන්.

මෙම අනතුර සිදු වූ මොහොතේ අනතුරින් තුවාල ලැබූවන් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමටත් ඔවුන් කඩිනමින් රෝහල්ගත කිරීමටත් ක්‍රියා කළ ප්‍රදේශවාසීන් ඇතුළු සියලු දෙනාට හා වෛද්‍ය පාලිත රාජපක්‍ෂ මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය වෙත ආරක්‍ෂක අමාත්‍යාංශය සිය ස්තුතිය ද නිවේදනය මගින් පුද කර සිටිනවා.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පිරිසක් ගමන් ගනිමින් සිටි බස් රථයක් දුන්හිඳ – බදුල්ල මාර්ගයේ අඹගස් හන්දිය ප්‍රදේශයේදී අද (01) දින උදෑසන 7.45 ට පමණ අනතුරට ලක් වුණු අතර එහි ගමන් කරමින් සිටි සිසුවින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 40 දෙනෙකු තුවාල ලැබුවා.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 39 වන පාඨමාලාවට අයත් සිසු සිසුවියන් 36 දෙනෙක්, කථිකාචාර්යවරුන් 03 දෙනෙක්, එම කණ්ඩායම භාරව කටයුතු කළ උපදේශකවරයෙක්, බස් රථය භාරව ගමන් කළ ජ්‍යෙෂ්ඨ හමුදා සාමාජිකයෙක් හා බස් රථයේ රියදුරා ඇතුළු 42 දෙනෙක් මෙම පිරිසට අයත් වුණා.

මියගිය සිසුවියන් දෙදෙනා කුරුණෑගල හා නිවිතිගල පදිංචිකාරියන් වන අතර, තුවාල ලබා ඇති සිසුන් මේ වන විට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, ඉන් 07 දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇති බවත් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39