අහුංගල්ලේ දී STF තැබූ වෙඩිල්ලක් ගැන අධිකරණයෙන් දුන් නියෝගය

2022 වසරේ කොළඹ ගාලු පාරේ අහුන්ගල්ල ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී ත්‍රීරෝද රථ රියදුරෙකුට වෙඩි තැබීමට තැත් කිරීමේ සිද්ධියකට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සඟවා ඇති ආයුධ පෙන්වීමට රැගෙන යනු ලැබූ අවස්ථාවේ දී සැකකරු විසින් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වෙඩි තැබීමට තැත්කිරීමේ දී නිලධාරීන්ගේ වෙඩි පහරින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට සම්බන්ධව මියගිය අයගේ ඥාතීන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවක් ඊයේ (10) විභාගයට ගනු ලැබුවා.

නීතිපතිවරයාගේ නිර්දේශ මත එම සිද්ධියට නඩු පැවරීම නොහැකි බව දැනුම්දීමෙන් අනතුරුව බලපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නඩුව පවත්වාගෙන යාම ඊයේ (10) අවසන් කරනු ලැබුවා.

නීතිපතිවරයා විසින් දුන් උපදෙස් අනුව එයට එරෙහිව කටයුතු කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලතල නොමැති බැවින් එලෙස නඩු කටයුතු අවසන් කෙරුණු බවයි වාර්තා වන්නේ.

මෙම නඩුව පැවරූ මියගිය අයගේ බිරිඳට වින්දිතයන් රැක ගැනීම යටතේ පොලිස් ආරක්ෂාව සපයා තිබූ අතර ඇය පොලිස් ආරක්‍ෂාව මත අධිකරණ භූමියෙන් පිටව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?