අසාධාරණයට ලක් වූ දරුවෝ වෙනුවෙන් ආයෙත් ශිෂ්‍යත්වය තියන්න – දෙමාපියන් විරෝධතාවක

සැප්තැම්බර් මස 15 වැනි ඉරුදින දිවයින පුරා විවිධ පාසල් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ 2024 – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර දිනයේ දී පිටවීමේ සිදුවීමට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල දෙමාපියන් එක් ව උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.

අද (18) පෙරවරුවේ කෑගල්ල කලාප අධ්‍යාපන කාර්‍යාලය ඉදිරිපිටදී ද එම කලාපයේ දෙමාපියන් පිරිසක් උද්ඝෝෂණයේ නිරත වූ බවටයි අප වාර්තාකරු පැවසුවේ.

විරෝධතාකරුවන් පවසන්නේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස විභාගය පැවැත්වීමට පෙර දින රාත්‍රියේ (සැප්තැම්බර් 14) වට්ස් ඇප් සමූහ හරහා පිළිතුරු සමග බෙදා හැර ඇති බවයි.

මෙවැනි ම සිදුවීමක් අනුරාධපුරයෙන් ද වාර්තා වූ අතර වරකාපොළ සහ අලව්ව යන ප්‍රදේශවල ගුරුවරු පිරිසක් ද මෙලෙස කලින් දිනයේ දී රාත්‍රියේ අමතර පන්ති පවත්වමින් ප්‍රශ්න පත්‍රය දරුවන් සමග සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ගාල්ල, කෑගල්ල, වරකාපොළ, අලව්ව සහ පූගොඩ යන ප්‍රදේශවල මෙලෙස විරෝධතා සංවිධානය කර තිබෙනවා.

මෙම නීතිවිරෝධී ක්‍රියාවට දැඩි දඬුවම් ලබාදෙන ලෙසත්; අසාධාරණයට ලක් වූ තම දරුවන්ට යළිත් ශිෂ්‍යත්ව විභාගය පවත්වන ලෙසටත් තම දරුවන් යළිත් විභාගයට පෙනී සිටීමට සූදානම් බවත් විරෝධතාකරුවන් පවසනවා.

මේ අතර අද පෙරවරුවේ අසාධාරණයට ලක් වූ වරකාපොළ සහ අලව්ව ප්‍රදේශවල දරුවන්ගේ දෙමාපියන් පිරිසක් සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට බත්තරමුල්ල පිහිටි විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
8
+1
3
+1
0
+1
3
+1
5
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?