අසාධාරණයට ලක් වූ දරුවෝ වෙනුවෙන් ආයෙත් ශිෂ්‍යත්වය තියන්න – දෙමාපියන් විරෝධතාවක

සැප්තැම්බර් මස 15 වැනි ඉරුදින දිවයින පුරා විවිධ පාසල් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ 2024 – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර දිනයේ දී පිටවීමේ සිදුවීමට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල දෙමාපියන් එක් ව උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.

අද (18) පෙරවරුවේ කෑගල්ල කලාප අධ්‍යාපන කාර්‍යාලය ඉදිරිපිටදී ද එම කලාපයේ දෙමාපියන් පිරිසක් උද්ඝෝෂණයේ නිරත වූ බවටයි අප වාර්තාකරු පැවසුවේ.

විරෝධතාකරුවන් පවසන්නේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස විභාගය පැවැත්වීමට පෙර දින රාත්‍රියේ (සැප්තැම්බර් 14) වට්ස් ඇප් සමූහ හරහා පිළිතුරු සමග බෙදා හැර ඇති බවයි.

මෙවැනි ම සිදුවීමක් අනුරාධපුරයෙන් ද වාර්තා වූ අතර වරකාපොළ සහ අලව්ව යන ප්‍රදේශවල ගුරුවරු පිරිසක් ද මෙලෙස කලින් දිනයේ දී රාත්‍රියේ අමතර පන්ති පවත්වමින් ප්‍රශ්න පත්‍රය දරුවන් සමග සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ගාල්ල, කෑගල්ල, වරකාපොළ, අලව්ව සහ පූගොඩ යන ප්‍රදේශවල මෙලෙස විරෝධතා සංවිධානය කර තිබෙනවා.

මෙම නීතිවිරෝධී ක්‍රියාවට දැඩි දඬුවම් ලබාදෙන ලෙසත්; අසාධාරණයට ලක් වූ තම දරුවන්ට යළිත් ශිෂ්‍යත්ව විභාගය පවත්වන ලෙසටත් තම දරුවන් යළිත් විභාගයට පෙනී සිටීමට සූදානම් බවත් විරෝධතාකරුවන් පවසනවා.

මේ අතර අද පෙරවරුවේ අසාධාරණයට ලක් වූ වරකාපොළ සහ අලව්ව ප්‍රදේශවල දරුවන්ගේ දෙමාපියන් පිරිසක් සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට බත්තරමුල්ල පිහිටි විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන බවත් වාර්තා වනවා.

  1. දරුවන්ට උනේ අසාධාරණයක්, මගේ දරුවත් ලිව්වා, ඒත් මේ ප්‍රශ්නය නිසාම ආය පේපර් ලියන්න දීලා දරුවො අසරණ වෙනවා නේද?මේ වෙනකල් පැවැත්වුණ විභාග කීපයකටම මෙහෙම උනානෙ, ඒත් පිළිතුරක් නෑ හරියට. මේ ප්‍රශ්නය නිසා දරුවො මානසිකව වට්ටන්න එපා දෙමව්පියනෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05