අස්වැසුමේ සමීක්ෂණ වියදම් ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ සමීක්ෂණ කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 1000ක පමණ අතිරේක මුදලක් වැය වී ඇති බවට ඇතැම් වෘත්තීය සමිති නගන චෝදනා පදනම් විරහිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ 2023 ජනවාරි මස 16 වැනි දිනැති කැබිනට් පත්‍රිකාව මගින් එක් අයදුම්කරුවකුගේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රුපියල් 300ක මුදලක් ගෙවීම අනුමත කර ඇති බවයි.

අදාළ ගෙවීම එම සමීක්ෂණ කටයුතු සඳහා සහභාගී වන ඕනෑම කාර්ය මණ්ඩලයකට ලබා ගත හැකියි.

ඒ අනුව මෙම කටයුත්තට දායක වූ 15,000ක් පමණ වන රජයේ නිලධාරීන්ට මෙම දීමනාව හිමි වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ග්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිස මෙම වගකීම් සහගත කාර්ය මග නොහැර සහභාගී වූයේ නම් ඔවුන්ට ද මෙම දීමනාව හිමි වන බව අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර සමෘද්ධී ලාභීන් අතරින් අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයදුම් කළ පවුල්වලින් 70%ක් අස්වැසුම ප්‍රතිලාභී ලැයිස්තුවට ඇතුළත් බවත්, 1,680,000ක් වූ සමෘද්ධි සහනාධාරය හිමි පවුල් සංඛ්‍යාව ඉක්මවා අස්වැසුම මගින් පවුල් 2,000,000කට සහන සැලසෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

සමෘද්ධි ලාභී පවුල් අතරින් 1,280,747ක් අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇති අතර ඉන් 70%ක් හෙවත් පවුල් 887,653ක් ඊට සුදුසුකම් ලබා සිටිනවා.

මීට අමතරව ආබාධිත, වකුගඩු සහ වැඩිහිටි යන දීමනා ද සාමාන්‍ය පරිදි පුද්ගලයන් ලක්ෂ පහකට පමණ හිමි වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අස්වැසුම සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා 980,000ක් සහ විරෝධතා 60,000ක් පිළිබඳ සොයා බැලීමේ කටයුතු සිදු වෙමින් පවතින අතර ජූලි මාසය තුළ අස්වැසුම පළමු වාරිකය ගෙවීමට හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් අභියාචනා හෝ විරෝධතා හේතුවෙන් යම් පවුල් ඒකකයක් වෙත වාරික ගෙවීම ප්‍රමාද වුවහොත් ජූලි සහ අගෝස්තු වාරික දෙකම එකවර ගෙවා දැමීමට හෝ කටයුතු කරන බව ද ශෙහාන් සේමසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51

?