අස්වැසුමේ සමීක්ෂණ වියදම් ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ සමීක්ෂණ කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 1000ක පමණ අතිරේක මුදලක් වැය වී ඇති බවට ඇතැම් වෘත්තීය සමිති නගන චෝදනා පදනම් විරහිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ 2023 ජනවාරි මස 16 වැනි දිනැති කැබිනට් පත්‍රිකාව මගින් එක් අයදුම්කරුවකුගේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රුපියල් 300ක මුදලක් ගෙවීම අනුමත කර ඇති බවයි.

අදාළ ගෙවීම එම සමීක්ෂණ කටයුතු සඳහා සහභාගී වන ඕනෑම කාර්ය මණ්ඩලයකට ලබා ගත හැකියි.

ඒ අනුව මෙම කටයුත්තට දායක වූ 15,000ක් පමණ වන රජයේ නිලධාරීන්ට මෙම දීමනාව හිමි වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ග්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිස මෙම වගකීම් සහගත කාර්ය මග නොහැර සහභාගී වූයේ නම් ඔවුන්ට ද මෙම දීමනාව හිමි වන බව අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර සමෘද්ධී ලාභීන් අතරින් අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයදුම් කළ පවුල්වලින් 70%ක් අස්වැසුම ප්‍රතිලාභී ලැයිස්තුවට ඇතුළත් බවත්, 1,680,000ක් වූ සමෘද්ධි සහනාධාරය හිමි පවුල් සංඛ්‍යාව ඉක්මවා අස්වැසුම මගින් පවුල් 2,000,000කට සහන සැලසෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

සමෘද්ධි ලාභී පවුල් අතරින් 1,280,747ක් අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇති අතර ඉන් 70%ක් හෙවත් පවුල් 887,653ක් ඊට සුදුසුකම් ලබා සිටිනවා.

මීට අමතරව ආබාධිත, වකුගඩු සහ වැඩිහිටි යන දීමනා ද සාමාන්‍ය පරිදි පුද්ගලයන් ලක්ෂ පහකට පමණ හිමි වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අස්වැසුම සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා 980,000ක් සහ විරෝධතා 60,000ක් පිළිබඳ සොයා බැලීමේ කටයුතු සිදු වෙමින් පවතින අතර ජූලි මාසය තුළ අස්වැසුම පළමු වාරිකය ගෙවීමට හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් අභියාචනා හෝ විරෝධතා හේතුවෙන් යම් පවුල් ඒකකයක් වෙත වාරික ගෙවීම ප්‍රමාද වුවහොත් ජූලි සහ අගෝස්තු වාරික දෙකම එකවර ගෙවා දැමීමට හෝ කටයුතු කරන බව ද ශෙහාන් සේමසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21