අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් වාර සටහනට අනුව සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (17) දිනයේ ආරම්භ වීමට නියමිතයි.
පසුගිය 05 වනදා සිට අලුත් අවුරුද්ද වෙනුවෙන් පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගත්තා.
එමෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා සිට ජුනි මස 08 වනදා දක්වා පැවැත්වෙන අතර, එම විභාගය හේතුවෙන් පාසල් සඳහා නිවාඩු ලබාදෙන ආකාරය අධ්‍යාපන අමාත්‍යංශයෙන් පසුව දැනුම් දීමට නියමිතයි.
මේ අතර අප්‍රේල් මස 20වන දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේඛය නිකුත් කරන බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කරනු නොලබන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.





