අලි මිනිස් ගැටුමට විසඳුම ආංශික අධීක්ෂණ කාරක සභාවට

අලි මිනිස් ගැටුම් අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී අලි මිනිස් ගැටුම් අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම සහ අධීක්ෂණය කිරීම සඳහා පත්කළ කමිටුවේ සභාපති ආචාර්ය සුමිත් පිලපිටිය මහතා සහ වනජීවී විද්‍යාඥ ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා විසින් මෙම සැලැස්ම කාරක සභාව හමුවේ ඉදිරිපත් කරනු ලැබුවා.

2022 වසර තුල මෙරට වන අලින් 433දෙනෙකු මියගොස් ඇති බවයි මෙහිදී අනාවරණ වූයේ. වනජීවී විද්‍යාඥයින් විසින් කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පෙන්වා දෙනු ලැබුවේ මෙරට භූමියෙන් 62%ක් වූ ප්‍රදේශයක වන අලි ව්‍යාප්ත වී ඇති බවයි.

අලි මිනිස් ගැටුම් අවම කිරීමට විදුලිවැට ඉදිකිරිම පර්යේෂණාත්මකව සිදු කළ යුතු බව එම නිලධාරීන් පෙන්වා දෙනු ලැබුවා.

ඒ අනුව අලි මිනිස් ගැටුම් අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සැකසීමේදී මුලිකවම ප්‍රජාව මූලික කරගත් ග්‍රාමීය විදුලි වැටත් කුඹුරු ආරක්ෂා කිරීම උදෙසා කාලීන විදුලි වැටත් ලෙසින් විදුලි වැටවල් ඉදිකිරීම සුදුසුම විසඳුම ලෙස අදාළ කමිටුව විසින් හඳුනාගෙන ඇති බවයි පෙන්වා දෙනු ලැබුවේ.

ඒ අනුව මෙම අලි වැටවල් ඉදිකිරීමට ප්‍රථමයෙන් අදාළ ප්‍රදේශවල ජනතාවට අලින්ගේ හැසිරීම්, හා පුද්ගලයින්ගේ චර්යාවල සිදු විය යුතු වෙනස්කම් ආදී කරුණු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළයුතු බව කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.

ප්‍රජාව දැනුවත් කිරීම සඳහා තමන්ට කළ හැකි වැඩසටහන් පිළිබඳව කාරක සභාවට දැනුම් දෙන ලෙසටයි එදින කාරක සභාව අවස්ථාවට පැමිණ සිටි වනජීවී හා පරිසර සංවිධාන වලින් කාරක සභා සභාපතිවරයා ඉල්ලා සිටියේ. දැනුවත් කිරීමට අලි මිනිස් ගැටුම් පවතින ප්‍රදේශ නිවැරදිව හඳුනාගෙන තොරතුරු ලබා දෙන්නේනම් ඒ සඳහා තම දායකත්වය ලබාදිය හැකි බව වනජීවී හා පරිසර සංවිධාන නියෝජිතයින් මෙහිදී ප්‍රකාශ කළා.

අලි මිනිස් ගැටුම් අවම කිරීමට නම් ඉඩම් පරිහරණ කිරීමේ ජාතික සැලැස්මක් අවශ්‍ය බව කමිටුව හමුවේ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙනවා. ග්‍රාමීය මට්ටමින් වන අලින් සැරිසරන ප්‍රදේශය නිවැරදිව හඳුනාගැනීමේ වැදගත්කම ද, අලි මිනිස් ගැටුම දැඩිව පවතින ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ හඳුනාගැනීමේ වැදගත්කම ද,අලි සංගණනයක් කිරීමේ පරමාර්ථය වැඩිපුර සිටින අලි ඇතුන් අපනයන කිරීම නොවන බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?