අලි මිනිස් ගැටුමට විසඳුම ආංශික අධීක්ෂණ කාරක සභාවට

අලි මිනිස් ගැටුම් අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී අලි මිනිස් ගැටුම් අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම සහ අධීක්ෂණය කිරීම සඳහා පත්කළ කමිටුවේ සභාපති ආචාර්ය සුමිත් පිලපිටිය මහතා සහ වනජීවී විද්‍යාඥ ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා විසින් මෙම සැලැස්ම කාරක සභාව හමුවේ ඉදිරිපත් කරනු ලැබුවා.

2022 වසර තුල මෙරට වන අලින් 433දෙනෙකු මියගොස් ඇති බවයි මෙහිදී අනාවරණ වූයේ. වනජීවී විද්‍යාඥයින් විසින් කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පෙන්වා දෙනු ලැබුවේ මෙරට භූමියෙන් 62%ක් වූ ප්‍රදේශයක වන අලි ව්‍යාප්ත වී ඇති බවයි.

අලි මිනිස් ගැටුම් අවම කිරීමට විදුලිවැට ඉදිකිරිම පර්යේෂණාත්මකව සිදු කළ යුතු බව එම නිලධාරීන් පෙන්වා දෙනු ලැබුවා.

ඒ අනුව අලි මිනිස් ගැටුම් අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සැකසීමේදී මුලිකවම ප්‍රජාව මූලික කරගත් ග්‍රාමීය විදුලි වැටත් කුඹුරු ආරක්ෂා කිරීම උදෙසා කාලීන විදුලි වැටත් ලෙසින් විදුලි වැටවල් ඉදිකිරීම සුදුසුම විසඳුම ලෙස අදාළ කමිටුව විසින් හඳුනාගෙන ඇති බවයි පෙන්වා දෙනු ලැබුවේ.

ඒ අනුව මෙම අලි වැටවල් ඉදිකිරීමට ප්‍රථමයෙන් අදාළ ප්‍රදේශවල ජනතාවට අලින්ගේ හැසිරීම්, හා පුද්ගලයින්ගේ චර්යාවල සිදු විය යුතු වෙනස්කම් ආදී කරුණු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළයුතු බව කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.

ප්‍රජාව දැනුවත් කිරීම සඳහා තමන්ට කළ හැකි වැඩසටහන් පිළිබඳව කාරක සභාවට දැනුම් දෙන ලෙසටයි එදින කාරක සභාව අවස්ථාවට පැමිණ සිටි වනජීවී හා පරිසර සංවිධාන වලින් කාරක සභා සභාපතිවරයා ඉල්ලා සිටියේ. දැනුවත් කිරීමට අලි මිනිස් ගැටුම් පවතින ප්‍රදේශ නිවැරදිව හඳුනාගෙන තොරතුරු ලබා දෙන්නේනම් ඒ සඳහා තම දායකත්වය ලබාදිය හැකි බව වනජීවී හා පරිසර සංවිධාන නියෝජිතයින් මෙහිදී ප්‍රකාශ කළා.

අලි මිනිස් ගැටුම් අවම කිරීමට නම් ඉඩම් පරිහරණ කිරීමේ ජාතික සැලැස්මක් අවශ්‍ය බව කමිටුව හමුවේ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙනවා. ග්‍රාමීය මට්ටමින් වන අලින් සැරිසරන ප්‍රදේශය නිවැරදිව හඳුනාගැනීමේ වැදගත්කම ද, අලි මිනිස් ගැටුම දැඩිව පවතින ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ හඳුනාගැනීමේ වැදගත්කම ද,අලි සංගණනයක් කිරීමේ පරමාර්ථය වැඩිපුර සිටින අලි ඇතුන් අපනයන කිරීම නොවන බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05