අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 2,138ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
අල්ලස් කොමිසම පැවසුවේ මෙම වසරේ ජනවාරි මස 01 වනදා සිට මැයි මස 31 වනදා දක්වා කාලය තුළ සිදුකළ වැටලීම් 44 කදී සැකකරුවන් 31 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් නිලධාරීන් 08 දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙම වසරේ ගත වූ මාස 06 තුළ අල්ලස්, දූෂණ, වත්කම් බැරකම් හෙළි නොකිරීම, අයුතු වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු 42ක් පවරා තිබෙනවා.
එම කාලසීමාව තුළ පුද්ගලයින් 45 දෙනෙකු චූදිතයින් වී ඇති බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1





