අල්ලස් ගත් ගම්පහ ක්‍රයිම් ඕ.අයි.සී රිමාන්ඩ්

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ගම්පහ මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකාර ස්ථානාධිපතිවරයා අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ජාඇල, දඬුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

වෙනත් පුද්ගලයකු විසින් සොරකම් කර ඇති රන් භාණ්ඩ ස්ථානාධිපතිවරයා විසින් මිලදී ගෙන එම සොර බඩු සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් කටයුතු නොකර සිටීමට සහ අධිකරණය වෙත ඉදිරිපත් නොකර සිටීමට රුපියල් ;ලක්ෂ තුනක මුදලක් හා රන් පවුම් තුන් කාලක්, අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියක් 250,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ සිද්ධිය පිළිබඳව අල්ලස් කොමිසම විසින් අධිකරණයට කරුණු වාර්තා කරමින් විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවට අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ, සිය සේවාදායකයාගේ දියණිය මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බවත්, අනෙක් දරුවා පෙබරවාරි මස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බවයි.

ඒ, අනුව මෙම සැකකරු සම්බන්ධ ඇප ඉල්ලීම ඉදිරි දින අදාළ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුකිරීමට කටයුතු කරන බවත් නීතිඥවරයා සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකාර ස්ථානාධිපතිවරයා ජනවාරි 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?