අල්ලස් ගත් ගම්පහ ක්‍රයිම් ඕ.අයි.සී රිමාන්ඩ්

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ගම්පහ මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකාර ස්ථානාධිපතිවරයා අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ජාඇල, දඬුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

වෙනත් පුද්ගලයකු විසින් සොරකම් කර ඇති රන් භාණ්ඩ ස්ථානාධිපතිවරයා විසින් මිලදී ගෙන එම සොර බඩු සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් කටයුතු නොකර සිටීමට සහ අධිකරණය වෙත ඉදිරිපත් නොකර සිටීමට රුපියල් ;ලක්ෂ තුනක මුදලක් හා රන් පවුම් තුන් කාලක්, අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියක් 250,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ සිද්ධිය පිළිබඳව අල්ලස් කොමිසම විසින් අධිකරණයට කරුණු වාර්තා කරමින් විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවට අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ, සිය සේවාදායකයාගේ දියණිය මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බවත්, අනෙක් දරුවා පෙබරවාරි මස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බවයි.

ඒ, අනුව මෙම සැකකරු සම්බන්ධ ඇප ඉල්ලීම ඉදිරි දින අදාළ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුකිරීමට කටයුතු කරන බවත් නීතිඥවරයා සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකාර ස්ථානාධිපතිවරයා ජනවාරි 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48