අරගල ක්‍රියාකාරිණියක ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට අවසර

ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයේ ක්‍රියාකාරිණියක වන නූර් මොරීන් නමැත්තිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා.

බුවනෙක අලුවිහාරේ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

පෙත්සම් විභාගය ලබන වසරේ පෙබරවාරි මස 2 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයේ ක්‍රියාකාරිනියක වශයෙන් කටයුතු කළ තමන් අරගලයට වසරක් පිරුණු දා එම ප්‍රදේශයේ විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් සිටියදී පොලිසිය විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගත් බවයි.

ඉන් පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට කටයුතු කෙරුණු බවත් පෙත්සම්කාරිය අධිකරණය හමුවේ සඳහන් කර තිබුණා.

එහෙත් රජයේ නීතිඥවරිය සඳහන් කළේ සිද්ධිය වූ දින ගාලුමුවදොර ප්‍රදේශයේ මහජන ප්‍රකෝප කිරීමේ ක්‍රියා සිදු කිරීම වළක්වාලමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබු අතර එම නියෝග කඩ කිරීම හේතුවෙන් පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළ බවයි.

මේ තුළින් කිසිදු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බවයි ඇය පෙන්වා දුන්නේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10