spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අරගල ක්‍රියාකාරිණියක ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට අවසර

ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයේ ක්‍රියාකාරිණියක වන නූර් මොරීන් නමැත්තිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා.

බුවනෙක අලුවිහාරේ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

පෙත්සම් විභාගය ලබන වසරේ පෙබරවාරි මස 2 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයේ ක්‍රියාකාරිනියක වශයෙන් කටයුතු කළ තමන් අරගලයට වසරක් පිරුණු දා එම ප්‍රදේශයේ විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් සිටියදී පොලිසිය විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගත් බවයි.

ඉන් පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට කටයුතු කෙරුණු බවත් පෙත්සම්කාරිය අධිකරණය හමුවේ සඳහන් කර තිබුණා.

එහෙත් රජයේ නීතිඥවරිය සඳහන් කළේ සිද්ධිය වූ දින ගාලුමුවදොර ප්‍රදේශයේ මහජන ප්‍රකෝප කිරීමේ ක්‍රියා සිදු කිරීම වළක්වාලමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබු අතර එම නියෝග කඩ කිරීම හේතුවෙන් පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළ බවයි.

මේ තුළින් කිසිදු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බවයි ඇය පෙන්වා දුන්නේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?