ජය ශ්රී මහා බෝධීන් වහන්සේ වැඩ වසන උඩමළුවේ ප්රධාන කපුවා වන ජයවර්ධන යන අය අනුරාධපුර දිස්ත්රික් මානව හිමිකම් කොමිසමට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අනුරාධපුර වනජීවී සහකාර අධ්යක්ෂකවරයා ඇතුළු හත් දෙනකු අද දින දිස්ත්රික් මානව හිමිකම් කාර්යාලයට පැමිණ ප්රකාශ ලබාදුන්නා.
2025 වර්ෂයේ නොවැම්බර් මස 18 වන දින උඩමළුව ප්රධාන කපුවාගේ නිවස වැටලීමක් සිදුකොට ජීව ගල් ඉබ්බන් , ඉබි මස් හා ඉබි බිත්තර , මී මින්නෙකුගේ මස් , ගෝන කැබැල්ලෑ හා ඉත්තෑ මස් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් එම කපුවාට විරුද්ධව අධිකරණ ක්රියාමාර්ග ගැනීමට අනුරාධපුර වනජීවී සහකාර අධ්යක්ෂක කාර්යාලය කටයුතු කර තිබුණා.
මෙම අත්අඩංගුවට ගැනීම මගින් තමන් රාජකාරී කරන උතුම් ස්ථානයට , ගමට සහ තනතුරට මෙන්ම විහාරගම් නාමයට අප කීර්තියක් ඇති කළේ යැයි පවසමින් උඩ මළුව ප්රධාන කපුවා වන ජයවර්ධන විසින් අනුරාධපුර දිස්ත්රික් මානව හිමිකම් කොමිසමට සිදුකළ පැමිණිල්ලකට අනුව වනජීවී සහකාර අධ්යක්ෂක චන්න සුරවිර ඇතුළු වනජීවී අඩවි ආරක්ෂකවරුන්, අඩවි සහකාරවරුන් , වනසත්ව අඩවි ආරක්ෂක හා වනසත්ව නියාමකයින් යන නිලධාරීන් හත් දෙනකු විසින් අද දින මෙසේ ප්රකාශ ලබා දුන්නා.
මෙම පැමිණිල්ල සිදුකළ උඩමළුව ප්රධාන කපුවා ජයවර්ධනට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතවීම නිසා ඔහු අද දින පෙනී නොසිටින බවට මානව හිමිකම් කොමිසම විසින් ප්රකාශ කර තිබුණා










