Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රිමාන්ඩ් වූ කස්සප හිමිගෙන් ප්‍රකාශ ගැනීමට CCDයට නියෝග

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස කොළඹ දිසා අපරාධ කොට්ඨාශය අද (16) කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දන්වා සිටියා.

කොළඔ අපරාධ කොට්ඨාශය විසින් අද අධිකරණයට මෝසමක් ගොනු කරමින් පවසා සිටියේ ඉකුත් දා විහාරමහා දේවි උද්‍යානයේ දී පැවති සත්‍යග්‍රහයේ දී පොලිස් නිලධාරීන් විසින් බලංගොඩ කස්සප හිමිට පහර දුන් බවට මාධ්‍ය ඔස්සේ පවසා ඇති බවයි.

ඉන් පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා විසින් කොළඹ දිසා අපරාධ කොට්ඨාශයට දන්වා ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව එම විමර්ශනයට අදාල ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බවත් දැනට වෙනත් සිද්ධියට අදාලව එම හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බැවින් බන්ධනාගාරට ගොස් ප්‍රකාශ ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි කොළඹ දිසා අපරාධ කොට්ඨාශය ඉල්ලා සිටියේ.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට ගොස් ප්‍රකාශ ලබා ගැනීමට නියෝග නිකුත් කළා.