Rajapura Handi Oil
Rajapura Diabetic Powder

චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කරයි

සංවිධානාත්මක අපරාධකරුවෙකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියට අදාලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් චෝදනා ගොනු කර තිබෙන චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කළ බව අල්ලස් කොමිසම අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ වාර්තා කළා.

අල්ලස් කොමිසම විසින් අද දහවල් මෝසමක් ගොනු කරමින් මේ බව අධිකරණයට දන්වා තිබෙනවා.

සිද්ධියට අදාලව මෙම සැකකරුගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කිරීමට ඉදිරි පියවර ගන්නා බව පෙර නඩු දිනයේ දී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා තිබුණා.

මෙම සිද්ධියට අදාල දෙවන සැකකරුවන නීතීඥ රඛිත රාජපක්ෂගේ සුඛෝපභෝගී වාහන කිහිපයක් සහ බැංකු ගිණුම් 4ක් තහනම් කිරීමට ඉකුත් දා මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කළා.